මාකදුරේ මධූෂ්ගේ සාදයකට සහභාගී වෙමින් සිටියදී ඩුබායිහීදී අත්අඩංගුවට පත්වූ කන්ජිපානි ඉම්රාන්, රොටොඹ අමිල ඇතුලු තවත් එක් අයෙකු ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව මාලදිවයිනට පලායාමට ගනුලැබූ උත්සාහය ව්‍යර්ථ කර ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඩුබායි අත්අඩංගුවට පත්ව සිටි තවත් 4දෙනෙකු ඊයේ (27) මෙරටට පිටුවහල් කර ඇත.
එහිදී එක් අයෙකු පමණක් කටුනායක ගුවන් තොටුපොළ හරහා රට තුළට පැමිණ ඇති නමුත් කන්ජිපානි ඉම්රාන් , රොටොඹ අමිල සහ තවත් එක් අයෙකු රට තුළ ට නොපැමිණ මාලදිවයිනට යාමේ අපේක්ෂාවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුල ම රැදී සිට ඇත.
වාර්තා වන ආකාරයට රොටොඹ අමිල නැමැත්තා අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විටත් සිට ඇත්තේ මාලදිවයින බලා යන ගුවන් යානයකට ගොඩවී ය.
කෙසේ වෙතත් මේ සියලූ දෙනා අත්අඩංගුවට ගැනුණු බවත් වාර්තා වෙයි . ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ය.

