කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැදවයි : අතරමැදියන්ට හසුවෙන්න එපා !

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැදවයි : අතරමැදියන්ට හසුවෙන්න එපා !

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ වන විට අරඹා තිබේ.

පසුගිය 26 වැනිදා අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර, මේ මස 29 දින දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍යස්ථාන 18 කදී සිදුකෙරේ.

ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ මෙම කොරියානු භාෂා විභාගය පැවැත්වේ.

අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දිනයේදීම අයදුම්පත් 4998ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණය නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙන් බව කාර්යාංශය පවසයි.

දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර අංශයන්හි රැකියා සඳහා මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදුකෙරේ. විභාගයට අයදුම්පත් ලබාගැනීම සඳහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතුය.

දකුණු කොරියානු රැකියා ලබාදෙනු ලබන්නේ කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශය මගින් වන අතර, එම රැකියා පරිපාලනය කරන ලබන්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් වන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි.

දකුණු කොරියානු රැකියා සදහා ඊට අමතරව කිසිදු පුද්ගලයෙකුට මැදිහත්විය නොහැකි අතර, කොරියානු රැකියා සදහා වෙනත් අතරමැදි පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

කොරියානු රැකියා සදහා අයදුම්පත් නිකුත් කිරීම පිළිබදව වැඩිදුර තොරතුරු අදාළ මධ්‍යස්ථානයේ දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න