පාඨලීගේ වැය ශීර්ෂය පරාදයි : විපක්ෂයට පොඩි චූන් එකක් - ආණ්ඩුවෙන් ප්‍රතිචාර !

පාඨලීගේ වැය ශීර්ෂය පරාදයි : විපක්ෂයට පොඩි චූන් එකක් - ආණ්ඩුවෙන් ප්‍රතිචාර !

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද (28) පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව තිබේ.

වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින. ඒ අනුව වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත් විය.

එසේම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පලාත් සභා, පළාත් පාලන කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයද අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව ඇත්තේ වවැඩි ඡන්ද 15කිනි. වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබිණ.

විපක්ෂයේ මොළය නොමේරූ පිරිසට ආණ්ඩුවේ ප්‍රතිචාරය !

අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජය කිරීම පරාජිත විපක්ෂය විශාල දිනුමක් ලෙස සමාජයට පෙන්වීමට උත්සාහ කලත් එය ඔවුන්ගේ මොළය නොමේරූ බව තහවුරු කරන්නක් බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසීය.

ඒ අමාත්‍යාංශ 2ක වැය ශීර්ෂ පරාජය වීම සම්බන්ධව සිදුකළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා මෙසේද පැවසීය.

"පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කිසිම දෙයක් කරගන්න බැරි මොන පක්ෂයේද කියලා හොයාගන්න අමාරු විපක්ෂ පාර්ශවයක් ඉන්නවා. දැන් බලන්න විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නෙ ශ්‍රිලනිප - නිදහස් සන්ධාන සාමාජිකයෙක් කියලා ලියුමක් සාක්කුවේ දාගෙන. විපක්ෂ නායක වුනෙත් ඒ ලියුම පෙන්නලා. පාර්ලිමේන්තුවෙන් එලියට ආවහම එයා පොහොට්ටුවේලු. මොන ජීවිතද මේ. තනතුරු තන්හාවෙන් ඔලුව විකාර කරගෙන. එහෙම කට්ටියක් වැය ශීර්ෂ කිහිපයක් පරාජය කරලා පොඩි චූන් එකක් ගන්න අරින්න. අපේ වැඩ අප්‍රේල් 5 බලාගන්න.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න