ෆොන්සේකා සහ රංගේ ට අමාත්‍ය ධුර දෙන්න : අගමැතිගෙන් යළිත් ඉල්ලීමක් !

ෆොන්සේකා සහ රංගේ ට අමාත්‍ය ධුර දෙන්න : අගමැතිගෙන් යළිත් ඉල්ලීමක් !

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහ පාලිත රංගේ බණ්ඩාරට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට ද අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉකුත්දා ජනාධිපතිවරයා වෙත ලිපියකින් දන්වා තිබුණ අතර ඒ විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන්ටය.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ දැනට අමාත්‍ය ධුර කිහිපයක් දරණ අමාත්‍යවරුන්ගෙන් ඒවා ඉවත් කොට යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා එම අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න