මත්ද්‍රව්‍ය නඩු කඩිනමින් නිම කිරීමට නීතිපති උපදෙස් !  

මත්ද්‍රව්‍ය නඩු කඩිනමින් නිම කිරීමට නීතිපති උපදෙස් !   

විභාග වෙමින් පවතින නඩුවලට අදාළව ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිමේ අරමුණින් මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස රජයේ නීතීඥවරුන් වෙත නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අවස්ථා 4 කදී සිය භාරයට ගත් කොකේන් කිලෝග්‍රෑම් 769 කට අධික තොගයක් ඊයේ විනාශ කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ එම කටයුතු කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී සිදු කෙරිණ. එ් වා දියර බවට පත්කර වාෂ්ප කිරීමෙන් පසුව විනාශ කෙරුණේ පුත්තලමේදීය.

ඒ සියලූ මත් ද්‍රව්‍ය නඩු නිම කළ මත් ද්‍රව්‍ය වන අතර තවත් මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස තබා තිබීම හේතුවෙන් විනාශ කිරීමට නොහැකි වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න