ජනාධිපති අපේක්ෂකයා වෙන්න කලින් : ගෝඨාභය හිරේ යනවා - ෆොන්සේකා

ජනාධිපති අපේක්ෂකයා වෙන්න කලින් : ගෝඨාභය හිරේ යනවා - ෆොන්සේකා

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හිරේ යාමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

කැලණියේ දී පැවති උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ වල ඇති වංචා දූෂණ නඩු දෙස බැලූ විට තමන්ට එසේ සිතෙන බවත් ඔහු ඒවාට සම්බන්ධ යැයි පෙනී යන බවත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධවද අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට සුදුස්සා වන්නේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න