තවත් ගුරුවරියක් දණගස්වලා

තවත් ගුරුවරියක් දණගස්වලා

ඌව පළාතේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවසට කැඳවා දණ ගස්වා සිසුවියක් ඇතුළත් කිරීමට බලැපෑම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ එම දමිළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුලත් කරගැනීම සඳහා අදාල සිසුවියගේ දෙමව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගේ ලිපියක් රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති නමුත් අදාල විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීමක් නිසාය.

දේශපාලනඥයාගේ ලිපිය ප්‍රතික්ෂේප කරමින් විදුහල්පතිනිය සඳහන් කර ඇත්තේ තමන් බැඳී සිටින්නේ දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොවන බවත් තමන් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝග වලට අනුව පමණක් තමන් කටයුතු කරන බවත්ය.

ඒ පිළිබඳ දැනගැනීමෙන් පසුව උරණ වූ දේශපාලනඥයා මෙසේ විදුහල්පතිනියව නිවසට කැඳවා දණ ගස්සවා සිදුකළ වරද ගැන සමාව අයදින ලෙස බලකර ඇත. මේ සිදුවීම ගැන පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙතද ලැබී ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත ලිපියක් යොමු කර දැනුවත් කර ඇති බවද වාර්තා වන අතර දේශපාලනඥයාගේ මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශිෂ්ඨ සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක් බවත් එබැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙස එම ලිපියේ අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න