නොදැන බැන්නත් - කිරිඇල්ල හරි : මෙන්න සාක්ෂි !

නොදැන බැන්නත් - කිරිඇල්ල හරි : මෙන්න සාක්ෂි !

"පර බල්ලා..’ කියමින් භික්ෂුන් වහන්සේ නමකට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බැන අපහාස කළ බවට මෙරට කළු මාධ්‍ය වාර්තා පළවුවත් අදාළ චීවරධාරියා විනය විරෝධී කටයුතු රැසක් හේතුවෙන් දායකයන් අදාළ පන්සලෙන් පවා එළවා දැමුණු අයෙකු බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම චීවරධාරියා "ටැම්පිටියේ වනරතන" වන අතර අයත් පන්සල වන්නේ පරනාගල පිරිවෙන, පිළිමතලාව ය.

එසේම දැනට නාවලපිටිය පාසලක ගුරුපත්වීමක් ලබා සේවය කරන අතර මීට මාස කිහිපයකට පෙර මුදල් හා අශෝභන ලෙස කාන්තාවන් සමග හැසිරීම හේතුවෙන් ගම් වැසියන් විසින් පන්නා දමා තිබේ.

එසේම මොහු නැවත එම පන්සලේම රැදී සිටීමට පැමිණ ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධව ප්‍රීතිය පළකරමින් පිළිමතලාවේ පෙළපාලියක් සංවිධානය කිරීම හරහාය.

තවද එක් අවස්ථාවකදී සිවුර සමඟ සිටින ඔහු තවත් අවස්ථාවක සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස අනන්‍යතා දෙකකින් පෙනී සිටින බවත් ශාසන කටයුතු කෙසේ වෙතත් පොහොට්ටු දේශපාලනය වෙනුවෙන් නම් දිවා රෑ වෙහෙසෙන බවත් දැනගන්නට ඇත.

කළු මාධ්‍ය දැන් මොකද කියන්නේ ?

එහෙත් කිසිඳු සොයාබැලීමකින් තොරව මෙරට කළු මාධ්‍ය මේ පුවත වාර්තා කර සිටියේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා දුෂ්කරතාවට පත්කිරීමට බව පැහැදිළිය.

එහෙත් ශාසනය කුණු කරන මේ කහකඩ සැරව ගෙඩි ගැන දැන් හෝ අනාවරණය කිරීමට එම මාධ්‍යට අවස්ථාව ඇතත් ඔවුන් එසේ කරන්නේ නැත.කළු මාධ්‍ය හැසිරීම එසේය.

අමාත්‍යවරයා කණගාටුව පළකරයි !

නමුත් අමාත්‍යවරයා මේ වන විටත් සිදුවූ සිදුවීම සම්බන්ධව කණගාටුව පළකරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ අවස්ථාවේ තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව එහි සඳහන්කර ඇත.

තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවත් තමන් ලක්ෂ 500ක් සොරකම් කළ ඇතැයි එම පුද්ගලයා තමනට චෝදනා කල බවත් එම අවස්ථාවේ ආවේගශීලීව ඊට පිළිතුරු දුර බව ද ඇමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගත්තේ භික්ෂූන් වහන්සේ නමක් යැයි තමන් දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් බවද පවසන ඇමතිවරයා තමන්ගේ එම කටයුත්තෙන් කිසියම් භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයද අපහාසයක් වූයේ නම් ඒ පිළිබඳ ඉතා දැඩි කනගාටුවට පත්වන බවද සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ සම්බන්ධව පළකළ නිවේදනය පහත දැක්වේ.

IMG

බොරුවට ආයුෂ ඇත්තේ ඇත්ත හෙළිවනතුරු පමණයි !

අමාත්‍යවරයා එසේ කණගාටුව පළකර සිටියත් මේ චීවරධාරියාගේ සැබෑව පහත ඡායාරූප සාක්ෂි විසින් තහවුරු කරනු ඇත.

{gallery}kendy-wanarathana{/gallery}

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න