විදුලිය කැපීම අදින් අවසන් !

විදුලිය කැපීම අදින් අවසන් !

දැනට සිදුවන විදුලි කප්පාදුව අදින් (10) පසු අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (10) රාත‍්‍රියෙන් පසු යළිත් විදුලි කප්පාදුවක් සිදුනොවන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

රට තුළ පවතින අධික නියං තත්ත්වයත් සමඟ ඇතිවූ විදුලි අර්බුදයට අදියර තුනක් යටතේ විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව නැවැත්වීමට නම් මෙගාවොට් 500ක 600ක පමණ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ යුතු අතර අමතර විදුලිය මිලදී ගැනීම් යටතේ එම ප‍්‍රමාණය මිලදී ගැනීමට නියමිතය.

මේ තුළින් වෙසක් උත්සවය අවසන් වන තුරු විදුලිය සැපයීම නිසි අයුරින් සිදුකිරීමට සැලසුම් කර ඇති නමුත් පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න