සිරිසේන 2020 ජුනි දක්වා ජනාධිපති ධූරයේ ඉන්න සූදානමක් !

සිරිසේන 2020 ජුනි දක්වා ජනාධිපති ධූරයේ ඉන්න සූදානමක් !

ජනාධිපති සිරිසේනගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

නීත්‍යනුකූලව එම කාලය තුළ ජනාධිපති සිරිසේනට තම ධුරය දැරීමට හැකියාව ලැබුනහොත් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වෙන බවද එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

19 වැනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති සිරිසේනගේ ධුර කාලය වසර 05ක් බවද මන්ත්‍රීවරයා සදහන් කරන අතර එහෙත් ඒ වසර 05 ආරම්භ වන්නේ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් කළ දිනයේ සිටද යන්න ගැටලුවක් මතු වී ඇති බවත්, කිසිදු පනතක් අතීතයට බලපාන්නේ නැති බැවින් ධුර කාලය ගණනය කිරීම පනතට අත්සන් කළ දිනයේ සිට ආරම්භ වන බවත් පවසා ඇත.

අධිකරණ තීන්දුවකින් එය තහවුරු වුවහොත් ජනාධිපති සිරිසේනට 2020 වසරේ ජුනි 21 දක්වා ජනාධිපතිධුරය දැරිය හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.

එමෙන්ම මේ මස 22 වැනිදායින් පසු අදාළ මතය විමසීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයටපෙර මහා මැතිවරණයක්පැවැත්වීමට කටයුතු කලහොත් ජනාධිපති අපේක්ෂක ගැටලුට විසඳුම් ලැබෙන බවද මහ ලේකම්වරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න