ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
නව සන්ධානයක් වෙනුවෙන් දෙපාර්ශවය අතර පැවැත්වෙන 03වන සාකච්ඡා වටය මෙය වන අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ සන්ධානය ගොඩනැගීමට අදාළ මූලික එකඟතා සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද දිනයේ ගනු ඇති බවය.
එසේම ඉකුත් දා පැවැති සාකච්ඡාවේදී කරුණු 20ක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණ බවත් සදහන් කරන දේශපාලන ආරංචි මාර්ග ඊට අදාළ අවසන් තීරණ අද දිනයේ ගනු ඇති බවත් වාර්තා වෙයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡා වටයට පෙර පැවැති අයවැය ඡන්ද විමසීමේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මන්තී‍්‍රවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඒ සම්බන්යෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි විවේචනයක් එල්ල විය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ද ඉකුත් දා ප‍්‍රකාශ කළේ නිදහස් පක්ෂයේ විශ්වාසය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසා සිටියේ ජනාධිපති සිරිසේන විශ්වාස නොකළ යුතු පුද්ගලයකු බවය.

