මට ගහලා ගේන්න යන විකල්පය භයානක විය හැකියි - ජනාධිපති සිරිසේන

මට ගහලා ගේන්න යන විකල්පය භයානක විය හැකියි - ජනාධිපති සිරිසේන

රටක් ලෙස ඉදිරියට යාමට මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යයේ වගකීම ද ඉතා වැදගත් බව ජනාධිපති සිරිසේන පවසයි.

එසේම දේශපාලනඥයා සහ ජනමාධ්‍ය අතර තිබෙන බෙදීම රටක් ලෙස ඉදිරියට යාමට කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවත් ජනාධිපති පෙන්වා දුන් අතර ඒ ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අමතමිනි.

මෙහිදී ජනාධිපති සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ විවේචනය සේම යහපත් සමාජයක් වෙනුවෙන් සාකච්ඡාව සහ සංවාදය ද එක සේ වැදගත් බවයි.

අද වෙනම පුවත්පත් සහ වෙබ් අඩවි ද නිර්මාණය කර ගනිමින් ඇතැම් පිරිසක් තමාට පහරදෙමින් සිටින බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම පහරදීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තු කතාබහක් තුළ ඔවුන් අපේක්ෂා කරන විකල්පය ඊට වඩා විකල්ප චරිතයක් හා දර්ශනයක් විය හැකි බව අමතක නොකළ යුතු බව ද කියා සිටියේය.

විවිධ නින්දා අපහාස එල්ලකරමින් තමාට සිදුකරන පහරදීම් හමුවේ මාධ්‍ය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැනවින් අගය කරන සහ එය රටට උදාකරදීමට කැපවූ නායකයෙකු ලෙස තමා නිහඩව සිටියද විකල්පයක් තුළින් අපේක්ෂා කරන චරිත එසේ නිහඬව නොසිටන බව ඉකුත් දශක කිහිපය පුරා මේ රට පාලනය කළ පාලකයන්ගේ අත්දැකීම් අසුරෙන් අවබෝධකර ගැනීමට කිසිවෙකුට අපහසු නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එබැවින් මාධ්‍යයේ වගකීම විය යුත්තේ විවේචනය, විචාරය සහ සංවාදය සේම යහපත් සහ හරවත් සමාජයක් කරා යන ගමනට ශක්තියක් වීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න