ශ්‍රිලනිපය යට කරන්න බෑ : ජනාධිපති අපේක්ෂකයා සිරිසේනම තමයි - දුමින්ද

ශ්‍රිලනිපය යට කරන්න බෑ : ජනාධිපති අපේක්ෂකයා සිරිසේනම තමයි - දුමින්ද

මීළග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව වත්මන් ජනාධිපති සිරිසේනම බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක පවසයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කර ඇත්තේ අනුරාධපුර ශ‍්‍රීලනිප කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි.

මොන පක්‍ෂය සමග සන්ධාන ගතවුවද ශ‍්‍රීලනිපයේ අනන්‍යතාවය එලෙසම තිබිය යුතු බවත් ශ‍්‍රීලනිපය යටකර කිසිම සාකච්චාවක් කිරීමට සූදානම් නැති බවත් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත.

එසේම පොහොට්ටුවේ ඇතැමුන් කියනා ලෙස ශ‍්‍රීලනිපය පොහොට්ටුවට යට කරන්න කිසිම සූදානමක් නැතැයිද මන්ත්‍රීවරයාව අවධාරණය කර තිබේ.

තවද ශ‍්‍රීලනිපයේ සහාය නැතිව කිසිවෙකුට ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක්, පලාත් සභාවක් දිනන්න බැරි බවත් මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න