නව අවුරුදු අද පස්වරුවේ උදාවේ.......

නව අවුරුදු අද පස්වරුවේ උදාවේ.......

එකම රටක්, එකම ජාතියක් ලෙස මුළු රටම එකම මොහොතක එකම කාර්යයක නියැලෙමින් රටටත් ජනතාවටත් සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රටම සූදානමින් සිටි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් පිළියෙල කරනු ලැබ ඇති නැකැත් වේලාවන් අනුව මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ අද සවස 2.09 ට යෙදෙන සුබ නැකතිනි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද උදෑසන 7.45 සිට රාත්‍රී 8.33 දක්වා යෙදී තිබේ.

ඒ අනුව අද උදෑසන 7.45 ට පළමුව ආහාර ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

අද සවස 02.42 ට ආහාර පිසීමේ නැකත යෙදී ඇති අතර ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් වන්නේ, රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවුම් යන කැවිලි වර්ග ද පිළියෙල කර ගැනීම සුදුසු බවයි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අද සවස 3.54 ට යි.

ඒ අනුව රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව ජ්‍යෝතිෂ්‍යයේ දැක්වෙයි.

මෙවර හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් 17 වැනි බදාදාටයි.

එදින උදෑසන 7.40 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.

අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා අලුයම 4.52 කට අලුත් අවුරුද්දේ රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී තිබේ.

පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්වයාම සුබ බව නැකත් පත්‍රයේ සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න