ධීවරයින්ට අද දවස අවදානම්

ධීවරයින්ට අද දවස අවදානම්

දිවයින ආශ්‍රිත මුහුදු කලාපය තුළ පවතින සුලං තත්වයේ ඉහළ යාමක් අද දවසේදී ඇති විය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කර සිටියි.

මෙහි වැඩි බලපෑමක් ධීවර ජනතාවට එල්ල විය හැකි බැවින් ධීවර ප්‍රජාව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මේ අතර වියලි කාලගුණය හේතුවෙන් පිරිසක් තව දුරටත් පිඩාවට පත්ව සිටින බවද ඒ මහතා සදහන් කළේය.

කෙසේ වුවත් අද දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ වැසි පවතින අවස්ථාවන් හීදි අකුණු අනතුරු වලින් වැලකීම සඳහා අවධානයෙන් කටයුතු කළයුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න