ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !

ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට අද (18දා) නියම කළේය.

ආබාධ සහිත පුද්ගලයෙකු වන ආචාර්ය අජිත් සී. පෙරේරා මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ආබාධ සහිත පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතූවෙන් අජිත් සී. පෙරේරා මහතාට රුපියල් 50,000ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමට රජයට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ මාර්ග නොමැති හෙයින් මෙම රෙගුලාසි සහ රීතිවලට අනුකූල නොවන ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියම කළේය.

ආචාර්ය අජිත් සී.පෙරේරා ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටුයතු කළ අමාත්‍ය දයා ගමගේ, පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටුයතු කළ ෆයසර් මුස්තාපා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නගර සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න