මාධ්‍ය නිදහසින් ලංකාව ඉදිරියට !

මාධ්‍ය නිදහසින් ලංකාව ඉදිරියට !

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders) පවසයි. ඒ අනුව රටවල් 180ක් අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව 126වැනි ස්ථානයට පත්ව තිබේ.

2013 වසරේදී ශ්‍රී ලංකාව 162 වැනි ස්ථානයේ සිටි අතර මෙසේ ගතවූ වසර කිහිපය තුළ ක්‍රමයෙන් 126 දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ලෝකයේ මාධ්‍ය නිදහස ඉදිරියෙන්ම පසුවන රට ලෙස නෝර්වේ ඉදිරියෙන්ම පසුවෙයි. ලෝකයේ මාධ්‍ය නිදහස අවම රට ලෙස ටර්කිමේනිස්තානය පත්ව තිබේ. චීනයේ රටවල් 180 අතරින් 177 වැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු ආසියානු රටවල් ගත් විට බංග්ලාදේශය - 150, පාකිස්තානය 142, ඉන්දියාව -140, ඇෆ්ගනිස්ථානය 121, නේපාලය 106, මාලදිවයින 98, භූතානය 80 යන ස්ථානයන්හි පසුවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න