ලෝක කුසලාන සංචිතය නම් කරේ මම නෙවෙයි - ඇමති හරීන්

ලෝක කුසලාන සංචිතය නම් කරේ මම නෙවෙයි - ඇමති හරීන්

ලෝක කුසලානය සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා තමන්ගේ මැදිහත්වීමක් නොවූ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද කණ්ඩායමට අනුමැතිය ලබා දීම පමණක් තමන් විසින් කරන ලද බවද අමාත්‍යවරයා පවසයි.

දිමුත් කරුණාත්රන නායකත්වය සඳහා පත්කර ඇත්තේ ශාන්ත ජෝසප් විදුහලේ ඒ නිසා බවට පළවන සමාජ ජාල වාර්තා ඇමතිවරයා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තිසර පෙරේරා මෙන්ම ඇන්ජලෝ මැතිවුස්ද එම පාසලේ ක්‍රීඩකයන් බවයි.

කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රියාවලියට ආගම සහ වෙනත් තර්ක ඉදිරිපත් කිරීම ගැන කණගාටු වන බව ද සඳහන් කරන ඔහු දිමුත් කරුණාරත්න බෞද්ධයෙක් බව ද සඳහන් කරයි.

එමෙන්ම හොඳම නායකයා හොඳම ක්‍රීඩකයා විය නොහැකි බවත් හොදම ක්‍රීඩකයා හොඳම නායකයා නොවන බව තමන් විශ්වාස කරන බව ද ක්‍රීඩා ඇමතිවරයා තවදුරටත් සඳහන් කරයි.

කම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පල කරන්නේ ඊයේ (18) දිනයේ නම් කරන ලද ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය සම්බන්ධයෙන් සමාජ ජාල වල එල්ල වන දැඩි විරෝධයට ප්‍රතිචාරයක් ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න