ගෝඨා ගැන රහසක් හෙළිකල ඉසුරට ජනපති දෙහිකපයි !

ගෝඨා ගැන රහසක් හෙළිකල ඉසුරට ජනපති දෙහිකපයි !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (11) ප්‍රසිද්ධියේ සිදුකල ප්‍රකාශයක් පිළිබඳව බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපතිවරයා, ඊයේ රාත්‍රී මහ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැඩි ලෙස දෝශාරෝපනය කලබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මැතිවරණයක් කැඳවා ඇති මේමොහොතේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටව සිටින ලෙස දැනුම්දුන්නේ ජනාධිපතිවරයා බව මහ ඇමතිවරයා සන්ධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඊයේ පැවසිය.

සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ ඇතැමුන් විසින් විසින් කුමන්ත්‍රණයක් කල බවත්, මේ බව දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කල බවත්, ඒ අනුව ඔහු වහාම රටින් පිටවූ බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එහිදී කියා සිටියේය.

එමගින් රාජපක්ෂ පවුල ඇතැමුන් උත්සාහ කරනු ලැබුවේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපකීර්තියට පත් කිරීමට බවද ඔහු සදහන් කළේය.

මෙම ප්‍රකාශයට පිළිතුරුදීමට රාජපක්ෂ පවුලේ පොහොට්ටු කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම යලි ගෙන්වීමට පවා ඉඩ ඇතැයි ජනාධිපතිවරයා, මහ ඇමතිවරයාට පවසා ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න