'වේදිකාවල කියන කතා ගන්න ගන්න එපා'- ජනපති, හකීම්ට කියලා !

'වේදිකාවල කියන කතා ගන්න ගන්න එපා'- ජනපති, හකීම්ට කියලා !

'මැතිවරණ වේදිකාවල කියන කතා එතරම් බැරෑරුම් ගණන් ගන්න එපා' යයි ජනාධිපතිවරයා තමාට පැවසු බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා අනුරාධපුරයේදී සිදුකල 'පිප්පොකට් කතාවෙන්' තමන්ට පවා අසාධාරණයක් සිදුව ඇතැයි පැවසු අවස්ථාවේදී ජනාධිපතිවරය ඉහත ප්‍රකාශය කලබව ඇමතිවරයා කියා සිටියි.

කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසාමිල් මහතාගේ බාල පුත්‍රයාගේ විවාහය නිමිත්තෙන් ඊයේ කොළඹ ශේන්ග්‍රිල්ලා හෝටලයේ පැවති උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා ගෙන් ඇමතිවරයා මෙම විමසීම කර ඇත.
මෙම උත්සවයට අගමැතිවරයා ද සහභාගිවී සිටියේය.

පෙරේදා (10) පාර්ලිමේන්තුවේදී පැවති ගැටුම්කාරී තත්වය ගැන අදහස් පල කරමින් ජනාධිපතිවරයා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ශ්‍රීලනිප හා සන්ධානයේ පලමු ප්‍රචාරක රැළිය අමතමින් කියා සිටියේ, කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් දුවන ආකාරයෙන් ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බවයි.

 වීඩියෝ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න