ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.
එසේම පොලිස්පති පූජිත ජයසුන්දර ටද ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති සිරිසේන දැනුම්දීමේ සූදානමක් පිළිබඳ ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම මේ සම්බන්ධව ජනාධිපති සිරිසේන විසින් අද (24) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරුන්ට දැනුම්දීමට නියමිත බවත් වාර්තා වෙයි.
කැබිනට් මණ්ඩල හමුව ඊයේ (23) දින පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ජනාධිපති සිරිසේන එය අවසන් මොහොතේ නොපවත්වන බව දන්වා තිබූ බවත් වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ බුද්ධි අංශ වාර්තා ලබාදී තිබියදී ජනාධිපති සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව අමාත්‍යවරුන් ජනාධිපති සිරිසේන වෙතින් ප්‍රශ්න කිරීමට සූදානම් බව දැනගැනීම සමග ඊයේ කැබිනට් මණ්ඩල හමුව කල්දමා ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
