බෝම්බ හැදුවේ "සාතන්ගේ අම්මා" !

බෝම්බ හැදුවේ "සාතන්ගේ අම්මා" !

පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරය සදහා යොදාගෙන තිබෙන පුපුරණ ද්‍රව්‍ය Triacetone triperoxide (TATP)) නම් අති ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙම බලගතු පුපුරණ ද්‍රව්‍ය මීට පෙර LTTE සංවිධානය පවා භාවිතා කර නොමැත.

විශේෂයෙන් IS සංවිධානය සිය බෝම්බ නිෂ්පාදනය සදහා මේ යොදාගන්නා බවත් 2017 මැන්චෙස්ටර් , 2015 පැරිස් බෝම්බ ප්‍රහාර සදහා ද යොදාගෙන තිබූණේ මෙම පුපුරණ ද්‍රව්‍ය බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

Is සංවිධානය මෙම පුපුරණ ද්‍රව්‍ය නම් කරන්නේද "සාතන්ගේ අම්මා" යන නමින් බවත් එයින් මෙහි ඇති තීව්‍රතාව තේරුම් ගත හැකි බවත් සදහන් කරයි.

එසේම එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා බෝම්බ නිෂ්පාදනය කිරීමට නම් විශේෂඥ දැනුමක් අත්‍යවශ්‍ය බවත් ඒ අනුව බෝම්බ නිෂ්පාදනය සදහා විදේශීය ත්‍රස්තවාදීන්ගේ සහය ලැබී ඇති බවක් නිරීක්ෂණය වන බවයි.

බෝම්බ හැදුවේ තඹ කම්හලේ

තවද අදාල බෝම්බ නිෂ්පාදනය කර ඇත්තේ මෙම ප්‍රහාරය සදහා සම්බන්ධවූ ඉන්ෂාෆ් අහමඩ් ට අයත් වැල්ලම්පිටියේ තිබෙන තඹ කම්හලේ බවටද ආරක්ෂක අංශ සැක පළකරයි.

ඒ සම්බන්ධව එම කම්හලේ සිට අත්අඩංගුවට ගනුලැබූ පුද්ගලයන් වෙතින් ප්‍රශ්න කරගෙන යන බවත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න