කොළඹ රාජකීයේ අභියාචනා මණ්ඩල ප්‍රධානියා ලක්ෂ 10 ක අල්ලසක් අරගෙන

කොළඹ රාජකීයේ අභියාචනා මණ්ඩල ප්‍රධානියා ලක්ෂ 10 ක අල්ලසක් අරගෙන

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අභියාචනා මණ්ඩලයේ ප්‍රධානියා රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මෙසේ අල්ලස් ලබාගැනීම සිදුකර ඇත්තේ සුදුසුකම් නොමැති සිසුවකු අභියාචනා මණ්ඩලය හරහා පාසලට ඇතුළත් කල යුතු බවට නිර්දේශ කිරීම සඳහාය.

මේ බව හෙළිවී ඇත්තේ අදාළ සිසුවාගේ සුදුසුකම් පිළිබඳ රාජකීය විදුහල් පරිපාලනයට සැකසිතී එම සිසුවාගේ දෙමාපියන් කැඳවා සිදුකළ විමර්ශනයකදීය.

එහිදී සිසුවාගේ පියා සඳහන් කර ඇත්තේ අදාළ අභියාචන නිර්දේශය ලබා ගැනීම වෙනුවෙන් තමාගෙන් එහි ප්‍රධානියා රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ඉල්ලු බවත් තමන් එම මුදල ඔහු වෙත ලබාදීමට කටයුතු කළ බවත්ය.

මෙසේ අල්ලස් ලබාදුන් අය රජයේ වෛද්‍ය සංගමය නියෝජනය කරන ප්‍රබලයෙක් වන අතර අල්ලස ලබාගෙන ඈති පුද්ගලයා කොළඹ තවත් ජනප්‍රිය ජාතික පාසලක විදුහල්පතිවරයෙකු බවද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මෙම සිදුවීම සම්බන්ධව මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයාද දැනුවත් බවත් අදාළ සිදුවීම සම්බන්ධව ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න