මොහොමඩ් බදුර්දීන් CCD භාරයට

මොහොමඩ් බදුර්දීන් CCD භාරයට

මාකදුරේ මධුෂ් සමග සිටියදී අත්අඩංගුවට පත්ව, මෙරටට පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් නමැති සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලේදී සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදුන් බවයි.

මාකදුරේ මදූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවේ සිටි අබුබකර් මොහොමඩ් බදූර්දීන් නමැත්තා එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අළුයම දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ අදාල සැකකරු මාකදුරේ මදූෂ් සහ කංජිපානී ඉම්රාන් සමඟ දැඩි සබඳතා පවත්වා ඇති බවයි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න