පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ තැනැත්තා මෙන්ම NTJ නායකයා බවට සැකකරන මොහොමඩ් සහරාන් නැමති පුද්ගලයාගේ රියදුරු ලෙසට කටයුතු කර ඇති තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මොහොමඩ් ෂරිෆ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් (53) නැමති මෙම පුද්ගලයාව කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
සැකකරුවන් වමාරයි !
මේ අතර වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අණාවරණය කර ගෙන ඇති බවත් වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර කළ ප්‍රශ්ණ කිරීම්වලදි මෙම අණාවරණයන් කරගෙන ඇත.
ඝාතනය කිරිමෙන් අනතුරුව එම පොලිස් නිලධාරින්ගේ රිවෝල් අවි දෙක ඝාතනයන් විසින් පැහැරගෙන ගොස් ඇති අතර එම අවි දෙකකද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
කබීර්ගේ ලේකම්ට වෙඩි තියලා !
එසේම මාවනැල්ලේදී අමාත්‍ය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට වෙඩි තැබීමේ සිදුවීමටද මෙම සැකකරුවන් සම්බන්ධ වී තිබේ.
ඒ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේද එම රිවෝල්වර අවි දෙකයි.
තවද ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධව මේ වන විට තොරතුරු බොහෝ ප්‍රමාණයක් සැකකරුවන් හෙළිකරමින් සිටින බවත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

