ගෙවිදු ගද වැඩක: ජාතිවාදී කෝලාහලයක් ගැන බුද්ධි අංශ සීරුවෙන් !

ගෙවිදු ගද වැඩක: ජාතිවාදී කෝලාහලයක් ගැන බුද්ධි අංශ සීරුවෙන් !

පාස්කු ඉරිදා ප්‍රහාරයට සමගාමීව මෙරට ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ ප්‍රයත්නයක් සම්බන්ධව බුද්ධි වාර්තා ලැබී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

සිංහල - මුස්ලීම් ගැටුමක් ඇති කිරීම මේ සූදානමේ අරමුණ බවත් මේ සම්බන්ධව ආරක්ෂක අංශ අවධානයෙන් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මේ අතර හෙට (28) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා ජාතිවාදී අදහස් පැතිරවීමේ උත්සාහයක් සම්බන්ධවද තොරතුරු වාර්තා වෙයි.

අන්ත ජාතිවාදී අදහස් සමාජගත කරන්නෙකු ලෙස ප්‍රකට ගෙවිදු කුමාරතුංග නැමැත්තා විසින් මේ මාධ්‍ය හමුව කැදවා ඇති අතර එහි අපේක්ෂාව ජාතිවාදී අදහස් වපුරා රටේ ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම බවටත් තොරතුරු වාර්තා වෙයි.

ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ උත්සාහයක් !

එසේම මේ වන විටත් ජාතිවාදී කෝලාහලයක් මෙරට ඇති කිරීම වෙනුවෙන් ගනුලැබූ ප්‍රයත්නයන් අසාර්ථක වූ බව සදහන් කරන ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ එම උත්සාහයන් සම්බන්ධවද දැඩි අවධානයක් යොමුකර ඇති බවය.

තවද රට රුධිරයෙන් තෙත්කර දේශපාලන බලය ඇල්ලීම සදහා වන ප්‍රයත්නයක් දියත්ව ඇති බවත් එවැනි අනතුරකින් රට ආතුරවීම වලක්වා ගැනීමට ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව ජනතාව අවධියෙන් සිටිය යුතු බව දේශපාලන විචාරකයන් සදහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකමක් පාලනය කිරීම සදහා ජාතිවාදී දේශපාලනය කොහෙත්ම ප්‍රායෝගික නොවන බවය.

ගෙවූ වන්දිය ඇති !

වසර 30 ක යුද්ධයක් හමුවේ වන්දි ගෙවූ ලංකාව නැවතත් ජාතිවාදී පදනමින් අනාරක්ෂිත නොකළ යුතු බවත් එහෙයින් ආරක්ෂක අංශ වෙත ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට සහය දෙන අතර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීම වන බවද ඔවුන් පෙන්වා දෙයි.

වන්දි ගෙවන්නේ අනාගත පරම්පරාවයි !

තවද මතුව ඇති අර්බුදය වර්ධනය කර දේශපාලන වාසි ලබාගැනීමට ඇතමුන් ක්‍රියා කරන නමුත් රටේ ජනතාව අතර තිබෙන කම්පනය යොදාගෙන ජාතිවාදය පෝෂණය කිරීම හමුවේ අනාගත පරම්පරා කිහිපයකට ඊට වන්දි ගෙවීමට සිදුවන බවත් එහෙයින් දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි නොවී තත්ත්වය පාලනය කරගැනීමට වගකිවයුතු පාර්ශව වෙත සහය දීම ජනතාවගේ වගකීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

ගෝඨා එක්ක නැගිටිමු !

එසේම දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කරන පාර්ශව රටේ ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම සදහා කටයුතු කරන බවය.

මේ වන විට ඔවුන් ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් රට ලේ විලක් කිරීමට සහ ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීම සදහා සැලැස්මක් තිබෙන බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

පියල්ගේ උත්සාහය !

පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් හමුවේ හමුදා සාමාජිකයන් 11ක් මියගිය බවට මුලුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් නිකුත් කළේ ඒ අනුව බවත්, හදිසි නීතිය යටතේ ඇදිරි නීතිය පනවා තිබීම සහ ජනතාව මුලා නොවීම හේතුවෙන් එම ශාපලත් උත්සාහය ව්‍යර්ථ වූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය !

මේ අතර මතුව ඇති තත්ත්වය සහ ලැබී ඇති තොරතුරු පදනම් කරගෙන විශේෂ නිවේදනයක් නිකුත්කරන්නට ආරක්ෂක අමාත්‍යාංශයද කටයුතු කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි.

IMG 20190427 232032

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න