මේ ආණ්ඩුව සරත් ෆොන්සේකාගෙන් වැඩක් ගත්තේ නෑ - ඇමැති රවී

මේ ආණ්ඩුව සරත් ෆොන්සේකාගෙන් වැඩක් ගත්තේ නෑ - ඇමැති රවී

අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අද (27) අගරදගුරු මැල්කම් රංජිත් හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇති අතර මේ වන විට රටේ වැඩක් කල හැකි පිරිසට නියම තැන නොලැබී ඇති බවත් පවසා ඇත.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් මෙම අවස්ථාවේදී නිසි ප්‍රයෝජනයක් නොගන්නා බවය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක,

"වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වගේ යුද්ධයක් ඉවරකරපු දක්ෂයෙක් ගෙන් වැඩක් ගන්න ඕනේ. අද වෙලා තියෙන්නේ දක්ෂයින්ට තැන නැහැ නුසුදුසු අයටයි තැන දීලා"

" මේ අවස්ථාවේදී ඇඟිලි දිගු කරන්නේ නැතුව සියලු දෙනා එකතු වෙලා සිදුවුනේ කුමක්ද කියලා බලලා තරාතිරම නොබලා කටයුතු කරන්න ඕනේ. අද වෙන කොට නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ජාති, පක්ෂ, පාට භේද බලන්නේ නැතුව ආරක්ෂක අංශ වලට තමන්ගේ රාජකාරිය සිදුකිරීමට ඉඩ දෙන්න ඕන".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න