රට තුළ සිදු වී ඇති වත්මන් ආරක්ෂක ත්ත්තවය හේතුවෙන් අද ඉරිදා දිනයෙහි සිදු කිරීමට නියමිත ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙයන් තම නිවෙස්වල සිටම සිදු කිරීමට පියවර ගන්නා ලෙස අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපානන් වහන්සේ ඉල්ලීමක් කර ඇත.
අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපානන් විසින් පවත්වනු ලබන දේව මෙහෙය අද උදෑසන 8.00 පැවැත්වීමට කටයතු සංවිධානය කර ඇති බවත් උන්වහන්සේ පවසති.

