සයින්දමරදු හී දරුවන් මරාගත්තේ අප්පලා : ඒ පාර වෙනස් කරමු නේද ?

සයින්දමරදු හී දරුවන් මරාගත්තේ අප්පලා : ඒ පාර වෙනස් කරමු නේද ?

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර වූ ගැටුමේදී කුඩා ළමුන් 6ක් මියගිය අතර ඒ සිදුව ඇත්තේ ඔවුන්ගේ පියවරුන් පුපුරුවා ගනුලැබූ බෝම්බ හේතුවෙන් බව අනාවරණය වී තිබේ.

බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට පෙර මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර ඇති අතර තමන් ජිහාඩය වෙනුවෙන් දිවි පුජා කරන බව එහිදී සදහන් කර තිබේ.

එම වීඩියෝව රූගත කරන විටදී පසුබිමෙන් කුඩා දරුවන් බියෙන් හඬනා ශබ්දය ඇසෙන අතර මේ කිසිත් නොදත් එක් කුඩා දරුවෙක් තම පියාගේ උකුල මත වාඩි වෙන්නේ ඔහුගේ පියා ගිනි අවියක් අතදරා සිටියදීමය.

බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වු නිවස පරික්ෂා කිරීමට පැමිණි යුධ හමුදා භට පිරිසකට තුවාල ලබා සිටි කුඩා දරුවෙක් හමුවුයේ එදින උදෑසනය. එතෙක් පියාගේ විකල් සිහිනය වෙනුවෙන් ඔහු වේදනා වින්දා නොඅනුමානය.

කෙසේ වුවත් හමුවූ වහාම ඒ දරුවා වහාම රෝහල් ගත කරන්න ගිලන් රථයට ගෙනවිත් ඇඳ මත තැබූ සැනින් ඇය හඩමින් සොයා ඇත්තේද සිය පියා බවත් වාර්තා වෙයි.

ත්‍රස්තවාදය දරු දුක කෙසේ හදුනන්නද ? ඊට ජාතියක්, ආගමක් හෝ පාට පක්ෂ භේදයක් නැත. ඊට දර්ශනයක් නැත. ඊට ඇත්තේ අන්ධවූ භක්තියක් සහ ඒ වෙනුවෙන් වූ ක්‍රියාකාරීත්වයක් පමණය.

මේ නව තත්ත්වය සමග LTTE ය පටලවා ගත්තොත් වරදින්නේ අපටය. ඒ එම සංවිධානයට දේශපාලන ඉලක්කයක් තිබූ නමුත් මොවුන්ට එවැන්නක් නැති නිසාය.

අනෙක් අතට වැඩි වැඩියෙන් ජාතිවාදී වූ පමණින් හෝ වැඩි වැඩියෙන් ආගමික අන්තවාදය වැලදගත්තා කියා මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත. මෙතැන ත්‍රස්තවාදය පාලනය කරගැනීමට මෙන්ම ඊට හාත්පස නිර්මාණය කරන තත්ත්වයන් වැලැක්වීමේ පැහැදිලි අභියෝගයක් ඇත.

ඒ ජයගත හැක්කේ අප සමාජයක් ලෙස වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත සම්මුතිකාමී වීමේ සහ ජාතික සංහිඳියාව මත සංවර්ධනය වීමට ගන්නා උත්සාහය සහ ඊට දක්වන ධෛර්යය මතය.

මේ මොහොතේ අපේ ආමන්ත්‍රණය නොතේරෙන අයටත් කල්ගොස් ඒ තේරුම් යනු ඇති අතර පිස්සු බල්ලන් සපාකෑ පමණින් උන් සපාකෑ සමාජයක් ලැබූ විමුක්තියක් මානව ශිෂ්ටාචාරයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න