පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකල සංවිධානය තුළ සියදිවි හානිකර ගැනීම සම්බන්ධව මත දෙකක් පැවති බව වාර්තා වෙයි.
මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම් වලදී මේ බව අනාවරණය වී ඇත.
වාර්තා වන ආකාරයට අදාල සංවිධාන ව්‍යුහය තුළ දේශපාලන සහ සන්නද්ධ වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් තිබී ඇති අතර මේ කොටස් දෙක තුළ අන්තවාදී ලෙස සියදිවි නසා ගැනීම ඉස්ලාම් ආගමට අනුකූල බව විශ්වාස කළ කොටස් සිට තිබේ.
එසේම ඊට විරුද්ධ අදහසක් ද සංවිධානය තුළ පැවති බවත් කෙසේ වුවත් සියදිවි නසා ගැනීම අනුකූල බව විශ්වාස කළ පාර්ශවයේ මූලිකත්වයෙන් මේ ප්‍රහාරය දියත්ව ඇති බවත් වාර්තා වෙයි.
එසේම ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අදාල සංවිධාන සහ එහි ක්‍රියාකාරීත්ව ඇතුළු ඉතා වැදගත් කරුණු රැසක් වමාරමින් සිටින බවය.
ඔවුන් වෙතින් ලැබෙන තොරතුරු මෙන්ම බුද්ධි අංශ තොරතුරු පදනම් කරගෙන දිවයින පුරා මෙහෙයුම් දියත් කර ඇති බවත් දැනගන්නට ඇත.

