සහරාන් විකෘති අදහස් නිසා අරාබි විද්‍යාලයෙන් නෙරපූවෙක් !

සහරාන් විකෘති අදහස් නිසා අරාබි විද්‍යාලයෙන් නෙරපූවෙක් !

කාත්තන්කුඩිය ඉතිහාසයේ කිසිම මොහොතක නපුරු බලවේග පිළිගත්තේ නැති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන සහරාන් හාෂිම් කාත්තන්කුඩි ජමියතුල් හලාහ් අරාබි විද්‍යාලයෙන් පවා ඉවත්කරනු ලැබූවෙක් බව කාත්තන්කුඩි සිවිල් සංවිධාන සම්මේලනය (FCSOK) සදහන් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මේ බව සදහන් කරන අතර සහරාන් 2005 දී අරාබි විද්‍යාලයෙන් ඉවත්කළ බවත් ඊට ඔහුගේ විකෘති හැසිරීම් හේතුවූ බවත් එම නිවේදනයේ සදහන් කර තිබේ.

එසේම දිගින් දිගටම සහරාන් ත්‍රස්තවාදය උසිගන්වන කතා පැවැත්වීම හේතුවෙන් 2017 වසරේ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවූ බවත් පසුව අධිකරණ නියෝග මත සහරාන් ඇතුළු ඔහුගේ කණ්ඩායම මාස 6ක සිරදඬුවම් ලැබූ නමුත් ඔහු පළාගිය බවත් එහි දැක්වෙයි.

එමෙන්ම සහරාන් හාෂිම්ගේ ඊට පෙර දේශනා පැවැත්වීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය වැලැක්වීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ප්‍රදේශයේ ජනතාව සහ සිවිල් සංවිධාන මූලිකත්වයෙන් සිදුකළ අතර පොලිස් පැමිණිලි පවා සිදුකළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

තවද පළාගිය සහරාන් ත්‍රස්තවාදය පෝෂණය කර දියත් කළ ප්‍රහාරය තමන් කිසිසේත් අනුමත නොකරන බවත් ඒ ගැන බලවත් කම්පාවට සහ ලැජ්ජාවට පත්ව සිටින බවත් එහි සදහන් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කාත්තන්කුඩි සිවිල් සංවිධාන සම්මේලනය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න