අවශ්‍යවම සිටි 2ක් නාවලපිටියේදී අල්ලයි !

අවශ්‍යවම සිටි 2ක් නාවලපිටියේදී අල්ලයි !

පාස්කු ඉරුදින බොම්බ පිපිරිවිමට සම්බන්ධ ත්‍රස්තවාදි පුහුණුව ලබා සැගව සිටි ප්‍රධන සැකකරුවන් දෙදෙනෙක් යුධ හමුදාව මගින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ගම්පොල පොලිසියට භාර දි ඇති බව වාර්තා වෙයි.

නාවලපිටිය නගරයේ මුස්ලිම් පල්ලි අරාබි විදුහල් සහ සැක සහිත ස්ථාන යුධ හමුදාව , නාවලපිටිය පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය ,ඊයේ (27) දින සිදු කල සොදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ගම්පොල නගරයේ පාවහන් වෙළදසැලක සැගවි සිටින බවට ලබාදුන් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නාවලපිටිය පොලිසිය මගින් ඒ පිලිබදව යුධ හමුදාව වෙත දැනුම් දිමෙන් අනතුරුව අද අලුයම එම ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනා යුධ හමුදාව මගින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි ඇත.

නාවලපිටිය පොල්වතුර ප්‍රදේශයේ මෙම සැකකරුවන් දෙදෙනා සැගව සිට වැන් රථයක් මගින් පසුව එම සැකකරුවන් දෙදෙනාව ගම්පොල ප්‍රදේශයට ප්‍රවහන කර ඇත.

එම සැකකරුවන් දෙදෙනා ප්‍රවහනය කල වැන් රථයද නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි නාවලපිටිය පොලිසිය මගින් එම නිවසේ අයිතිකරුද සමග අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර එම සැකකරුවන් දෙදෙනා ආරක්ෂ අංශ වෙත අවශ්‍යයව සිටි සැකකරුවන් දෙදෙනෙකු බවටද මාධ්‍යය මගින් පසුගිය දිනවල දැනුම්දී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න