ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් : හිටපු හමුදාපති - මහින්දගේ බැංකොක් තානාපති !

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් : හිටපු හමුදාපති - මහින්දගේ බැංකොක් තානාපති !

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පත්කර ඇත.

ජනාධිපති සිරිසේන විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර විශ්‍රාමික ජෙනරාල්වරයා අද (29) ඊට අදාළ පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.

හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජපක්ෂ පාලන සමයේ බැංකොක් නුවර මෙරට තානාපති ලෙස කටයුතු කර ඇත.

2015 ජනවාරි 08 වනදා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පෙබරවාරි මාසයේ පමණ ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ නැවත මෙරටට කැඳවනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න