ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති නෙවෙයිද : ජී.එල් සිරිසේනව කොටු කරයි !

ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති නෙවෙයිද : ජී.එල් සිරිසේනව කොටු කරයි !

බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම රජය භාරගත යුතු බව ජනාධිපති පැවසුවත් ජනාධිපතිට රජයෙන් බැහැරවී රජය විවේචනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක ජී.එල්. පීරිස් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (29) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

එහිදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණ සභාපති ජී.එල්. පීරිස් සඳහන් කර සිටියේ, කවුද රජය. ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලය. රජයේ උච්ඡතම ස්ථානය ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බැහැ" යනුවෙනි.

එසේම "නිව්යෝක් ටයිම් පුවත්පතේ පළවෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකා රජයට බුද්ධි අංශවලින් තොරතුරු ලැබුණු බව. පුද්ගලයින්ගේ නම් දුරකතන අංක, සාකච්ඡා පැවැත්වූ ස්ථාන පවා එහි සදහන් වෙනවා. මේ තොරතුරු රජය අතට පත්ව තිබුණත් පියවරක් ගත්තේ නැහැ. මේ තොරතුරු අගරදගුරුවරයාට දිලා තිබුණා නම් කිසිදු දේව මෙහෙයක් පවත්වන්නේ නැහැ. යුද හමුදාපතිවරයා කියන්නේ මේ ගැන තොරතුරක් තිබුණා නම් ඔවුන් ක්‍රියාත්මක වෙන බවයි. හොටල් ක්ෂේත්‍රයේ අයට මොන යම් හෝ තොරතුරක් ලැබී තිබුණානම් හෝටල් ආරක්ෂා කර ගන්නවා. මේකට ජනාධිපතිතුමා අගමැතිතුමා වගේම සමස්ත රජයම වගකිව යුතුයි.

රජයේ ස්ථාවරය මෙහි වගකීම භාරගෙන ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා ඉවත් වීමයි. අපි එය පිළිගන්නේ නැහැ. දේශපාලන අධිකාරියම වග කිව යුතුයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න