බලාගාර ආශ්‍රිත ආරක්ෂාව තරකරන්න : ඇමති රවී දන්වයි !

බලාගාර ආශ්‍රිත ආරක්ෂාව තරකරන්න : ඇමති රවී දන්වයි !

රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ.

රට තුල උද්ගතවූ ගැටුම්කාරී වාතාවරණය යටතේ මෙරට විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම අරමුණු කරගනිමින්, සමස්ත විදුලිබල පද්ධති ජාලයටම දැඩි ආරක්ෂාවක් සපයන ලෙසට විෂයභාර අමාත්‍යවරයා දුන් උපදෙස් පරිදි, ඒ සදහා ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහාය ලබාගැනීමට ක්‍රියාත්මක වූ අතර මේ වනවිට සමස්ත දිවයිනේම විදුලිබල ජාලයේ ආරක්ෂාව දැඩිලෙස තහවුරු කර තිබේ.

ඒ අනුව රට තුළ ස්ථාපිත විදුලිබලාගාර, ඒ ආශ්‍රිත ජලාශ, සම්ප්‍රේෂණ මාර්ග පද්ධති, පද්ධති පාලන මධ්‍යස්ථාන මෙන්ම ග්‍රිඩ් උපපොළවල් වලද ආරක්ෂාව තර කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන තිබේ.

සුරක්ෂිත මෙන්ම අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් දිවයින පුරා විසිරී ඇති ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මෙන්ම විදුලි ඩිපෝ වලද ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අදාළ අංශ වැඩිදුරටත් දැනුවත් කර තිබේ.

ජනතාවගේ ප්‍රධාන මෙන්ම අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක්වන විදුලිය අඛණ්ඩව ලබාදීම තමාගේත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේත්, ලංකා විදුලිබල මණ්ඩලයේත් වගකීම ලෙස පවසන විෂයභාර අමාත්‍යවරයා, එම කාර්යය කාර්යක්ෂමව මෙන්ම අඛණ්ඩව ඉටුකිරීමේ කර්තව්‍යය සාර්ථක අන්දමින් සිදුකිරීමට තමා ජනතා සහාය අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් පවතින අස්ථාවර වාතාවරණය හමුවේ දැඩි විමසිල්ලෙන් සහ අවධියෙන් පසුවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න