ලේබල් ගහන්න ගිහින් රට ලේ විලක් කරන්න එපා : මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක් !

ලේබල් ගහන්න ගිහින් රට ලේ විලක් කරන්න එපා : මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක් !

''ලේබල් ගහන්න ගිහින් ලේබල් වෙන්න එපා ! '' යනුවෙන් මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිර්මාණය කළ, පණිවිඩය මේ වනවිට සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී.

''ඔබ ගහන ලේබලය ලේ විලක් බවට පත්විය හැක. නිවැරදි ලේබලය පරිහරණය කරන්න.'' යනුවෙන්ද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

58613082 342594703066511 8481144109774405632 n

labels2

තවද එම විශේෂ පණිවිඩය නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් 21 දා හෙවත් පාස්කු ඉරිදා සිදු කළ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයේ ඛේදවාචකයේ කම්පනයට හා තිගැස්මකට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාව පටු දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සියලු දේශපාලන සංවිධාන වෙතින් පොදුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර අන්තවාදී කුඩා කල්ලියක් විසින් සිදුකරන ලද මෙම ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටින සමස්ත මුස්ලිම්වරුන් වෙත පටවමින් ඔවුන්ද ත්‍රස්තවාදීන් ලෙස ලේබල් නොකරන්නැයි ද දන්වා සිටියි.

අපගේ සියලු ධර්මයන් උගන්වන මානව දයාව ප්‍රායෝගිකව පෙන්වීමට මෙම ශෝකජනක අවස්ථාව යොදා ගන්නැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න