ළමයා කවුද ? තරුණයා කවුද ? : අර්ථ නිරූපණ වෙනස් වෙයි !

ළමයා කවුද ? තරුණයා කවුද ? : අර්ථ නිරූපණ වෙනස් වෙයි !

ළමයා යනු අවුරුදු 18 දක්වා වූ තැනැත්තන් ලෙසත් අවුරුදු 18 සිට 22 දක්වා වූ තැනැත්තන් තරුණයන් ලෙසද අර්ථ නිරූපනය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥා පනත සංශෝධනය කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මේ සදහා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

ලංකාවේ විවිධ පනත් තුළ ළමයා හා තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපන පැවතීම හේතුවෙන් ගැටලු පැන නැගීම සැළකිල්ලට ගෙන මෙම අර්ථ නිරූපනය සංශෝධනය කිරීමට තීරණය කළ බවත් වාර්තා වෙයි.

ළමයා යනු අවුරුදු 16 දක්වා තැනැත්තන් ලෙස එම පනතේ අර්ථ දක්වා ඇති අතර තරුණයා යනු අවුරුදු 16 සිට 22 දක්වා වූ තැනැත්තන් ලෙස ද එහි අර්ථ දක්වා තිබේ.

කෙසේ වෙතත් මෙරට පවතින අණ පනත් රැසක තවමත් ළමයා සහ තරුණයා අර්ථ දැක්වීම් සිදුවනුයේ විවිධ මට්ටම්වලිනි.

අයාල ආඥා පනත ගැහැණු ළමයා යනු අවුරුදු 16 ට අඩු තැනැත්තියන් ලෙස හදුන්වාදෙයි.

ළමයින් හා ගැටවරයින් පිළිබද ආඥා පනතේ අවුරුදු 14 ට අඩු තැනැත්න් ළමයින් ලෙසද 14 ත් 16 ත් අතර තැනැත්තන් යෞවනයින් ලෙසද හදුන්වනු ලබයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 18 ට අඩු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ දැක්වේ. අධ්‍යාපන ආඥා පනත අනුව අවුරුදු පහත් 14 ත් අතර අය ළමයින් ලෙස අර්ථ දක්වා ඇත.

ලංකාවේ විවිධ පනත් තුළ ළමයා හා තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපණ පැවතීම හේතුවෙන් පැන ගැනී ඇති විවිධ ගැටලු සැලකිල්ලට ගෙන ළමයෙකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම සඳහා ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත් තරුණ නැනැත්තෙකු යනු වයස අවුරුදු 18ත් 22ත් අතර තැනැත්තෙකු ලෙසත් අර්ථ නිරූපණය කිරීම සඳහා තරුණ වරදකරුවන් :පුහුණු පාසල්* පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න