මාකදුරේ මධූෂ් පිටුවහල් කරනවාද ? : තීන්දුව අද !

මාකදුරේ මධූෂ් පිටුවහල් කරනවාද ? : තීන්දුව අද !

ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට පිටුවහල් කරනවාද, නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02දා) ලබාදීමට නියමිතව ඇත.

මාකඳුරේ මධුෂ් ඉකුත් පෙබරවාරි 05 වැනිදා ඩුබායිහිදී පැවැත්වූ සාදයකදී ඔහු ඇතුළු 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගත් බව වාර්තා විය.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ භාවිත කිරීම යන චෝනදා මත අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා හා ඔහුගේ නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන්රෝයන් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක්ද වූහ.

මෙම පිරිස සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර,එම පිරිසෙන් මේවනවිට තිස් දෙනෙකු අවස්ථා කිහිපයකදී මෙරටට පිටුවහල් කර තිබේ.

මෙරටට පිටුවහල් කළ පිරිස අතර සිටි කිහිප දෙනෙකු මෙරටතුළ විභාග වෙමින් තිබූ නඩු සම්බන්ධයෙන් අධිකරණවලට ඉදිරිපත් කළ අතර, කංජිපානි ඉම්රාන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන තවමත් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවද වාර්තාවිය.

ගායන ශිල්පී අමල් පෙරේරා පසුගිය 23 වැනිදා මෙරටට පිටුවහල් කළ අතර, ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය ඔහු මුදාහැරීමට කටයුතු කළේය.

තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට මාකඳුරේ මධුෂ් එරට අධිකරණයට ඈපෑලක් ඉදිරිපත් කර තිබූ අතර, එම ඈපෑලට අනුව නඩු තීන්දුව පසුගිය 18 වැනිදා ලබාදීමට නියමිතව තිබිණි.

එහෙත් එදින අධිකරණ තීන්දුව ලබාදීමට කටයුතු නොකළ අතර, තීන්දුව ලබාදීම අද (02දා) දක්වා කල්දැමීමට එරට අධිකරණය කටයුතු කළේය.

මාකඳුරේ මධුෂ් මෙරටට අවශ්‍ය සැකකරුවෙකු වන හෙයින් ඔහු මෙරටට පිටුවහල් කරන ලෙස හෝ මෙරටට භාරදෙන ලෙසට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක්ද කර තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න