පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
මෙම ත‍්‍රස්වාදීන් කණ්ඩායම සතුව බැංකු ගිණුම්, කර්මාන්ත ශාලා, නිවාස, ඉඩකඩම් ඇතුලූ දේපළ රැසක තොරතුරු දැනට හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියි.
මෙම දේපළ තහනම් කිරීමේ පරීක්ෂණ නෛතික ප‍්‍රතිපාදන දෙකක් මත සිදුවන බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම, මැඩපැවත්වීම් සම්මුතිය පනත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බවද ඔහු පවසයි.

