ජාතික ආරක්ෂාව කියමින් ලොතරැයි අලෙවි කුටි ඉවත් කරලා !

ජාතික ආරක්ෂාව කියමින් ලොතරැයි අලෙවි කුටි ඉවත් කරලා !

වර්තමානයේ පවතින වාතාවරණය යටතේ ආරක්ෂක හේතූන් යැයි සදහන් කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි කුටි ඇතැම් නගර සභා, මහ නගර සභා විසින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

රත්නපුර නගරයේ මේ වන විටත් අලෙවි කුටි 17 ක් අලෙවි නියෝජිතයන් දැනුවත් කර නගර සභාව වෙත ගෙන ගොස් ඇති අතර මාතලේ නගර සභාව කිසිදු දැනුම් දීමකින් තොරව අලෙවි කුටි 27 ක් ඊයේ (01) රාති‍්‍රයේ ඉවත් කර ඇත.

මෙම තත්ත්වය නිසා ටිකට් අලෙවියෙන් එදිනෙදා ජීවිතය සරිකර ගන්නා බොහෝ පිරිසකට සිය ජීවිකාව අහිමි වන අතර ටිකට් අලෙවිය සදහා විකල්ප වැඩ පිළිවෙලක්ද යොදා නොමැත. ටිකට් අලෙවි කුටි තුළ සේවකයන් දවසේ පැය 12 ක පමණ කාලයක් රැදී සිටින අතර ඔවුන් නිරන්තරයෙන් නගරයේ ආරක්ෂාව සදහා යොදවා ගැනීමට හැකියාවක්ද ඇත.

මේ ආකාරයෙන් අලෙවි කුටි 4000ක් පමණ නගරාසන්නව පවතින අතර මේවා ඉවත් කළහොත් ඒකාබද්ධ අරමුදලට හා ජනාධිපති අරමුදලට ලැබෙන විශාල මුදල් ප‍්‍රමාණයක්ද අහිමි වනු ඇත.

ලොතරැයි මණ්ඩලයන් දෙක විසින්ම මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හා පොලිස්පතිවරයා ඇතුලු සියලුම බලධාරීන් මේ වන විටත් දැනුවත් කර ඇත.

බැකෝ යන්ත්‍ර යොදා ලොතරැයි අලෙවි කුටි ඉවත් කළ ආකාරය පහත දැක්වෙයි.

මෙහිදී අවධානයට ගතයුතු කරුණක් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙතින් ලබන ආදායම් හරහා දියත් වන සංවර්ධන හා අනෙකුත් සුභසාධන වලට එල්ලවන බලපෑමය. ලොතරැයි අලෙවි කිරීමට නොහැකි වීම හමුවේ ආදායම් අඩුවී එම ව්‍යාපෘති අඩපණ වීමේ අවධානම කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

එසේම මේ වන විට පළාත් පාලන ආයතන රැසක බලය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට වන අතර මේ ක්‍රියාව පිටුපස පටු දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මකද යන්න ගැන විමසිලිමත් වීමත් අතිශය වැදගත් ය.
{gallery}nlb{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න