පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් මුස්ලිම් පල්ලි හා එහි භාරකරුවන්ගේ නිවෙස් සෝදිසි කිරීමේදී කඩු හා පිහිවැනි අවි තොග වශයෙන් අත්අඩංගුවට ගනිමින් තිබෙන අතර මාධ්‍ය හරහා ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදෙන බැවින් සාමාන්‍ය ජනතාව අතර එම කාරණය බරපතල ලෙස කුතුහලයට ලක්ව ඇත.
මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ. හලීම් මහතා ගෙන් විමසු අවස්ථාවේදී ඔහු කල ප්‍රකාශයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට නගමින් ඒ සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් ද ලබාදෙමින් තිබේ.
රටපුරා පිහිටි ඉස්ලාම් පල්ලිවල කඩු පිහි ආදිය තබාගෙන සිටින්නේ ඒ ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයන් සුද්ද පවිත්‍ර කිරීමට විය හැකි බව කොළඹදී පැවති මාධ්‍ය හමුවදී ඇමතිවරයා සඳහන් කළේය.
පල්ලිවලට බෝම්බ ගැසූ ඉතිහාසය අමතක ද ?
කෙසේවුවද වගකිවයුතු මාධ්‍යයක් ලෙස 'නිව්ස් ටියුබ්' මේ සම්බන්ධයෙන් මුස්ලිම් මවුලවි වරයකු ගෙන් කල විමසීමකදී ඔහු පැවසුයේ, ඉස්ලාම් ආගමික උත්සව පවතින අවස්ථාවල දී බාරහාර වූ පුද්ගලයින් පල්ලිවලට ලබාදෙන එළුවන් කුකුලන් ආදී සතුන් අගමානුකුලව කුරුබාන් කිරීම සඳහා (මරා, සුද්දකර දානය ලබාදීමට) මුස්ලිම් පල්ලිවල මෙවැනි මෙවැනි පිහි භාවිතා කරන බවයි.
එවැනි උත්සව දිනවලදී මුළු ගමටම දානය දෙන්නේ (කන්දිරි) පල්ලියෙන් බවත් එවැනි අවස්ථාවල දී එළුවන් දෙතුන් සියක් මරා දැමීමට සිදුවන අතර ඒ සඳහාම පුද්ගලයින් විශාල පිරිසක් යොදවා ගන්න බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එසේම පසුගිය කාලයේ අන්තවාදී සංවිධානවලින් පල්ලිවලට එල්ල වූ අවස්ථාවන් වලදී එහි ආරක්ෂාවට මෙවැනි කඩු ගෙනවිත් තබාගත් බවද ඔහු සඳහන් කළේය. රාජපක්ෂ පාලන සමයේ මුස්ලිම් පල්ලිවලට එල්ලවූ ප්‍රහාර හා බලපෑම් සම්බන්ධයෙන් ඔහු දීර්ග වශයෙන් කරුණු පැහැදිලි කළේය.
ගම්මන්පිලලා කඩු ගෙනාවේ පාන් කපන්නද ?

කඩු හා පිහි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයක් මතුව තිබියද ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු කඩු අතැතිව මාධ්‍ය හමුවකට එන ජායාරුපයක් පළකරමින් ඇතැමුන් විමසා ඇත්තේ ''මේවා කඩු නෙමෙයි පාන් කපන පිහි '' කියාය.

