පොදු සමා කාලයේදී 5900ක් ආපසු එයි

පොදු සමා කාලයේදී 5900ක් ආපසු එයි

නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයන්ට නැවත සේවයට වාර්තා කිරීම වෙනුවෙන් වන පොදු සමා කාලය මැයි මස 10 වනදා දක්වා දීර්ඝ කර ඇති අතර මේ වන විට ලබා දුන් කාලය තුළදී සාමාජිකයන් 5900 ක් පමණ නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි. සාමාජිකයින් 5900 දෙනෙකු යුද හමුදා සේවයට වාර්තා කර තිබේ.

සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින් හට නීත්‍යානුකුළ අස්වීම් ලබා ගැනීම සඳහා පොදු සමා කාලයක් පසුගිය අප්‍රේල් 22වන දින සිට ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සේවයට වාර්තා කර ඇති සාමාජීකයින් නීත්‍යානුකුලව අස්වීම් ලබා දීමට ඉදිරියේදි කටයුතු කරන බව පැවසූ සුමිත් අතපත්තු මහතා මාස 06කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුධ හමුදා සාමාජිකයන්ට යළි සේවයේ පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බව සදහන් කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න