ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (CCO) තනතුරට පත්කොට ඇති ජෝෂුවා බස්ටොස් එම ධූරය දැරීමට තරම් දක්ෂතාව ඇත්තෙකුද යන්න ප්‍රශ්න කෙරෙමින් තිබේ.
මෙම පුද්ගලයාගේ පෙර වෘත්තීය හැසිරීම් දක්වමින් මේ ප්‍රශ්න කිරීම සිදුවන අතර ඊට අදාල විදෙස් මාධ්‍ය වාර්තා ද සාක්ෂි ලෙස ඉදිරිපත්වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (CCO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත.
තවද ඉන් අනතුරුව මෙහොමඩ් ඔමාර් ලෙස නම වෙනස් කර ගනිමින් ඔහු ඉස්ලාම් ආගම වැළඳගෙන ඇත්තේ ඇෆ්ගන් ජාතික කාන්තාවක් සමගද විවාහ වෙමිනි.
මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.
ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවය.
ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇති අතර ඉන් කිහිපයක් පහත දැක්වෙයි.



