හේමසිරි සහ පොලිස්පතිට එරෙහි පෙත්සම : නීතිපති නිසා කල් යයි !

හේමසිරි සහ පොලිස්පතිට එරෙහි පෙත්සම : නීතිපති නිසා කල් යයි !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී.

පෙත්සම අද බුවනෙක අලුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණි.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් අදාල පෙත්සම ගොනුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න