අල්ලපු ලියුම් මගේ - ඒවා නීති විරෝධී නෑ : කිරිඇල්ල කට අරියි !

අල්ලපු ලියුම් මගේ - ඒවා නීති විරෝධී නෑ : කිරිඇල්ල කට අරියි !

ජනාධිපතිට අපහාස කර ඇති බව සදහන් කරමින් ඊයේ (02) පොලිස් අත්අඩංගුවට ගනුලැබූ ලිපි 600 ය තම අමාත්‍යාංශයේ සකස් කළ ඒවා බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පිළිගෙන ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලි මාධ්‍යක් විසින් සිදුකළ විමසීමකදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පිළිගෙන ඇති අතර අදාළ ලිපිය වෙබ් අඩවියකින් උපුටා ගත් එක්ක බවත්, එහි කිසිඳු රාජ්‍ය විරෝධී තොරතුරු ඇතුළත් නොමැති බවත් එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.

එසේම හැකිනම් එම ලිපිය මාධ්‍යයට මුදා හරින ලෙස ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදි පොලීසියෙන් ඉල්ලීමක් ද කර ඇති බවද වාර්තා වන අතර කෙසේවෙතත් මතභේදාත්මක මෙම ලිපියේ ඇතුළත් කරුණු හෝ ලිපිය බෙදා හැරීම පිළිබඳ තමන් දැනුවත් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති සදහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න