ඇන්ජලා මාකල්ර්ගෙන් ඉස්ලාම් අන්තවාදීන්ට විරෝධය

ඇන්ජලා මාකල්ර්ගෙන් ඉස්ලාම් අන්තවාදීන්ට විරෝධය

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පසුගියදා ඉස්ලාම් අන්තවාදය පිලිබදව අදහස් පල කලාය. ඒ බුර්කිනා ෆාසෝහි පැවති සමුළුවකට එක්වෙමිනි.

G5 සහෙල් යනු මාලි,නයිජර්, බර්කිනා, පාසෝ, චෑඩ්, සහ මුරුතානියා යන රටවල්වල සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් කලාපීය බලකායකි.

එම රටවල්වල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික සමුළුවකට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහභාගී විය.

එහිදී ඇය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිය හඬ අවදි කිරීමට කටයුතු කළාය.

බර්කිනා ෆාසෝ රාජ්‍යය පිහිටා තිබෙන සහෙල් කලාපය තුළ 2012 සිට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකාරීව සිටියි.

එම ජිහාඩ්වාදීන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා අප්‍රිකානු රාජ්‍ය විසින් G5 සහෙල් බහුජාතික හමුදා බලකාය පිහිටුවනු ලැබ ඇත.

කෙසේ වෙතත් සහෙල් කලාපය තුළ ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව විචාරකයින් පෙන්වා දෙනු ලබයි.

මේ අතර පසුගිය වසරේ පැවති බ්‍රසල්ස් සමුළුවේදී G5 සහෙල් බලකායට ඩොලර් මිලියන ගණනාවක මුදල් ප්‍රතිපාදන ලබාදීමට එකඟත්වය පළවී ඇත.

කෙසේ වෙතත් එම ප්‍රතිපාදන නිසි ලෙස නොලැබී යාම හේතුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් වලදී සිය හමුදා අභියෝග රැසකට මුහුණ පා ඇති බව බර්කිනා ෆාසෝ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න