බෝම්බ බිය අස්සේ ඩෙංගු අවදානමත්

බෝම්බ බිය අස්සේ ඩෙංගු අවදානමත්

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ සමග දිවයිනේ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිගජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේල මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයග විශේෂයෙන් වැසි සහිත කාල ගුණයන් හිදී ඩෙංගු මදුරුවන්ට බෝවීමට අවශ්‍ය පරිසරය සකස් වීමත් ඒවා නිසි ආකාරයෙන් පිරිසිදු නොකිරීමත් නිසා ඩෙංගු මදුරුවාගේ ක්‍රියාකාරීත්වය ඉහළ යා හැකිය. මීට පෙරද වැසි සමයන්හිදී ඩෙංගු මදුරුවාගෙන් ඇති වූ විනාශය සුලු පටු නොවන හෙයින් ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

මේ අතර සබරගමුවල මධ්‍යමල දකුණුල බස්නාහිරල ඌව හා වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 -150 ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න