අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා විශේෂ සාකච්ඡාවක් !

අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා විශේෂ සාකච්ඡාවක් !

දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම දෛනික විදුලි බල අවශ්‍යතාවය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් විකල්ප බලශක්ති උපයෝගිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න