ජනපති සිරිසේනට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සකස් කළ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධධ කොට්ඨාශයට භාරදී ඇති බව වාර්තා වෙයි.
කොළඹ ප්‍රධාන තැපැල් හුවමාරුවේදී මේ පිරිස ඊයේ (02) අත්අඩංගුවට ගනුලැබූ අතර එහි සේවකයකු ලබාදුන් තොරතුරක් අනූවය.
අනතුරුව අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන්ගේ රාජකාරි හැදුනුම්පත් පවා ප්‍රසිද්ධ කර තිබුණි.
මේ වන විට මාධ්‍ය අනාවරණය කරන ආකාරයට සැකකරුවන් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමයන් සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ සේවය කර තිබේ.

