Language Switcher

V2025

බැසිල්ගේ 'මිඩියා ගේම' ජයගනී : මංගලගේ ගැසට් නිවේදනය අවලංගු කරවයි !

මත්පැන් සඳහා කාන්තාවන්ට පනවා තිබු වාරණ ඉවත්කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.

අද අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියකදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට පනවා තිබු වාරණය අහෝසිවිය.

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබිණ.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවිය.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා (ජනවාරි 10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවිය.

 ජනාධිපති හා මංගල කෙටවීමේ මෙහෙයුමක් !

basil 1

බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා 'ජාතික බලවේග' උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින්...

 මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉලක්කකර කරගනිමින් මේ සතිය පුරා පුළුල් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කල පොහොට්ටු පක්ෂයේ මහ මොලකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, මුදල හා මාධ්‍ය අමාත්‍යංශය විසින් මත්පැන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකල සංශෝධන වලට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා 'ජාතික බලවේග' උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින් මෙම ගැසට් නිවේදනය අවලංගු කරවා ගැනීමට බලපෑම් කරන ලෙසත්, ඒ හරහා ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ගැටුමක් නිර්මාණය කරන ලෙසත් සිය මාධ්‍ය ජාලයට උපදෙස් දී තිබිණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම මාධ්‍ය මෙහෙයුම සඳහා, පසුගිය සමයේ නාමල් රාජපක්ෂ මහතා සමග ක්‍රියාත්මක වූ 'තාරුණ්‍යට හෙටක් ' සංවිධානයේ හිටපු සාමාජිකයින් කිහිප දෙනෙකුද යොදා ගෙන තිබිණ.

 සබැඳි පුවත් :

මංගල, ජනාධිපති හා අගමැති සමග කෙටවීමේ මෙහෙයුමක් !